ආන්දෝලනාත්මක යුගදනවි ගිවිසුම ඇමතිවරුන් කිහිපදෙනෙකු ළග?

0
326

නිල වශයෙන් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් නොවූ බව කියන යුගදනවි ගිවිසුමේ පිටපත් කිහිපයක් කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙක් සතුව පවතින බව වාර්තා වුණා. 

ගිවිසුමේ පවතින අහිතකර තත්ත්වයන් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුළ දිගින් දිගටම ප්‍රශ්න නැගුන අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් ඉකුත්දා යුගදනවි ගිවිසුමේ පිටපතක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.  

කැබිනට් අමාත්‍යවරයෙකු සඳහන් කළේ ඊට සති කිහිපයකට පෙර යුගදනවි ගිවිසුමේ පිටපත් තමන් ලබාගත් බවයි. එහෙත් එම ගිවිසුමේ පිටපත් ප්‍රසිද්ධ නොකිරීමට වගබලාගත් බවයි ඔහු කියා සිටියේ. 

කෙසේවෙතත් අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුගදනවි ගිවිසුමේ පිටපත සහ තමන් සතුව ඇති ගිවිසුමේ පිටපත සසදා බලා එහි නිරවද්‍යතාව තහවුරු කරගත යුතු බව ඔහු ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here