රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහර දීමට පැමිණි පිරිසක් ආ පොල් සංවර්ධන මණ්ඩලයේ වාහනයක් දමා පැන ගිහින්

0
308

අද අළුයම රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයේ සිටි සිසුන්ට පහරදීමට එම මැර පිරිස පැමිණ ඇත්තේ රජයේ වාහන වලින් බව මේ වන විට අනාවරණය වී ඇත.

එම පහර දීමට පිටතින් පැමිණි පුද්ගලයින් සිසුන්ගේ ප‍්‍රති ප‍්‍රහාර හේතුවෙන් රජයට අයත් වාහනයක් දමා පැන ගොස් තිබේ.

මෙසේ දමා ගොස් තිබූ එම වාහනය පොල් සංවර්ධන මණ්ඩලයට අයත් එකක් බව ද හෙළි වී ඇත.

එමෙන්ම එක් මැරයෙකු සිසුන් විසින් ඔවුන්ගේ භාරයට ගෙන ඇති අතර එම පුද්ගලයාගේ රාජකාරි හැදුනුම්පතේ සදහන්ව ඇත්තේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු බවටයි

තුවාල ලැබූ වෛද්‍ය ශිෂ්‍යයින්ගෙන් තිදෙනකු උතුරු කොළඹ  ශීක්ෂණ රෝහලටත් එක් අයෙක් මීගමුව දිස්ත‍්‍රික්  රෝහලටත් ඇතුලත් කර ඇතැයි පොලිසිය පවසයි.

ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ගැටුමකදී එක් කණ්ඩායමක සහාය දැක්වීම සඳහා පිටස්තර පුද්ගලයන් 15 දෙනකු පමණ පැමැණ ඇතැයි ආරංචි මාර්ග පවසයි.

එසේ පිටතින් පැමිණි පිරිස අතර සිටි රාජ්‍ය අමාත්‍යවරයකුගේ රියදුරු බව කියන පුද්ගලයකු සහ නිල රථයක් රාගම පොලිස් නිලධාරීන්  අත්අඩංගුවට ගෙන ඇති අතර එසේ පැමිණි සෙසු වාහනය පිළිබඳව  වැඩි දුර පරීක්ෂණ සිදුකරන බව පොලිසිය පවසයි .

පිටතින් ආ පිරිස රජයේ ප්‍රබලයකුගේ  ආධාර කරුවන් බව ද ආරංචි මාර්ග පවසයි .

රාගම පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ,අපරාධ අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා මහතා ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

පිටස්තර කණඩායම රැගෙන ආ සිසුවා මීගමුව දිස්ත‍්‍රික් රෝහලටත් තුවාල ලැබූ සිසුන් තුන්දෙනා උතුරු කොළඹ ශික්ෂණ රෝහලටත් ඇතුලත් කර ඇත .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here