Monday, January 13, 2025

රාගම සිසුන්ට පහරදීම ගැන රාජ්‍ය ඇමති අරුන්දික කියපු කතාව ! ජනපති අස්වෙන්න කියලා ?

රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට තමන් සම්බන්ධ බව ඔප්පු වුවහොත් සිය අමාත්‍ය ධූරවලින් ඉවත් වන බව පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඊයේ (පෙබ. 2) මේ බව ප්‍රකාශ කළේ ය. 

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කරන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ය. 

එමෙන් ම, එම සිදුවීමට තමන් යටතේ සිටින කවුරුන් හෝ නිලධාරියෙකු සම්බන්ධ වී තිබේ නම් ඔවුන්ට එරෙහිව පරීක්ෂණයක් සිදු කර විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසීය.

“කවුරු හරි කියනවා නම් මේකට අරුන්දික ඇමතිතුමා සම්බන්ධ යි, අරුන්දික ඇමතිතුමා දැනුවත්ව යි ගියේ, අරුන්දික ඇමතිතුමාගේ දැනුවත් වීම මත මේක සිද්ධ වුණා කියලා, මේ ගැන පරීක්ෂණයක් කරන්න. එහෙම එකක් කරලා ඔප්පු කළොත් මම අනිවාර්යයෙන් ම මගේ අමාත්‍ය ධූරවලින් අයින් වෙනවා. මම හැම දා ම ත් සාධාරණය පැත්තෙන් වැඩ කරපු කෙනෙක්. කවදාවත් පොලිසියකවත් මගේ නමක් ගෑවිලා නැහැ. මම කිසි ම ඒ විධියේ වැරද්දක් කරපු කෙනෙක් නෙවෙයි. මගේ දේශපාලන ජීවිතය ම එහෙම යි.” 

එම ගැටුම සම්බන්ධයෙන් තවදුරට ත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, විශ්වවිද්‍යාලය තුළ නවක වධයට විරුද්ධ වුණු වෛද්‍ය සිසුවියකට පහර දී ඇති බව ත් ඊට අනෙක් පිරිස සම්බන්ධ වී ඇති බව ත් තමන් කළ සොයා බැලීමකදී දැන ගැනීමට ලැබුණු බව ත් ය.

අදාළ සිසුවිය විශේෂඥ වෛද්‍යවරියකගේ දියණියක බව ද ඔහු පැවසීය.

“දිගින් දිගට ම මේ වෛද්‍ය ශිෂ්‍යාවට පහර දීලා තියෙනවා. එක බේර ගන්න ගියා කියලා තමයි මට ආරංචිය තියෙන්නේ. මම දන්නේ නැහැ ඒකේ ඇත්ත.”

මෙි අතර මෙම සිදුවීම හා පොලිසිය මග හරිමින් විදේශගතව සිටි එතනෝල් ව්‍යාපාරිකයකු ගුවන් තොටුපලේ ප්‍රභූ පර්යන්තයෙන් කැඳවාගෙන ඒමට කටයුතු කිරීම යන ප‍්‍රබල චෝදනා මත රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇති බව වාර්තා වෙි.

අදාළ පහරදීමේ සිදුවීම පිළිබඳ පුළුල් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවත්, පරීක්ෂණ අවසන් වනතෙක් රාජ්‍ය අමාත්‍යවරයාට තනතුරුවලින් ඉවත් වන්නැයි ජනාධිපතිවරයා දන්වා ඇති බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

වෛද්‍ය පීඨ සිසුන්ට එල්ල වූ මැර ප්‍රහාරය අරුන්දික ප්‍රනාන්දුගේ අනුදැනුම මත සිදු වූ බවට තොරතුරු අනාවරණය වීමත් සමග ජනාධිපතිවරයා විසින් මෙම තීන්දුව ගෙන ඇතැයි පැවැසේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles