Tuesday, September 24, 2024

රාජකාරියට වාර්තා නොකරන පිරිස ගැන දැඩි තීරණයක්

උද්ඝෝෂණයේ නිරත වෙමින් රාජකාරි සඳහා වාර්තා නොකරන පිරිස පිළිබඳ ඉදිරියේ දී දැඩි තීරණයක් ගන්නා බව වරාය හා නාවුක කටයුතු ඇමැති අර්ජුන රණතුංග මහතා පවසයි.

මේ වරායේ උද්ඝෝෂණය සංවිධාන කරන පිරිසෙන් වැඩි පිරිසක් නිල් බළකායට අයත් බවත් අනෙක් පිරිස කලුතරින් දේශපාලනය කළ පිරිසක් බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම මේ පිරිස බඳවාගෙන ඇත්තේ පසුගිය ආණ්ඩු සමයේ පුද්ගලික සමාගමකට අනුබද්ධිතව බව පවසන ඇමැතිවරයා ඔවුන් හා වරාය අධිකාරිය අතර කිසිදු ගිවිසුමක් නැති බවත් කියා සිටී. මේ පිරිසෙන් ඇතැම් සේවකයන් වරායේ සේවය කිරීමට තරම් අවම සුදුසුකම්වත් සපුරා නැති බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

එක් එක් අයගේ දේශපාලන අරමුණු වෙනුවෙන් පෙනී සිටිමින් මේ පිරිස තවදුරටත් සේවයට වාර්තා නොකර සිටියහොත් නව පිරිස් සේවයට බඳවා ගනිමින් වරායේ කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බව ද ඇමැති රණතුංග මහතා අවධාරණය කර සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles