රාජගිරියට මීටර් 360 ක් දිග ගුවන් පාලමක්..

0
834

රුපියල් මිලියන 4700 ක වියදමකින් ස්පාඤ්ඤ ගුවන් පාලම් ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීමට යෝජිතව තිබූ මීටර් 363 ක් දිග මන්තීරු 4 ක් යටතේ ඉදි කෙරෙන රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු රාජගිරිය වැලිකඩ මංසන්ධියේදී ඊයේ අරම්භ වුණා. මාස 32ක් ඇතුලත මෙම පාලමේ ඉදිකිරීම නිම වෙන බවයි සඳහන් වෙන්නේ.

ස්පාඤ්ඤ ගුවන් පාලම් ව්‍යාපෘති මුළු වටිනාකම රුපියල් 8,486,099,420ක් බවයි පැවසෙන්නේ. මෙම මුළු මුදලෙන් 70%ක ප්‍රමාණයක් සඳහා 0.15%ක පොලියක් අය කෙරෙන අතර ඉතිරි 30% සඳහා 1.95%ක පොළියක් ගෙවීමට සිදු වෙනු ඇති. වසර 40 ක් ඇතුලත මෙම මුදල ගෙවිය යුතු බවයි සඳහන් වෙන්නේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here