Friday, September 20, 2024

රාජපක්ෂලා මට්ටුකරන්න ෆොනී බලය ඉල්ලයි..!

එම්.කේ.ඩී.එස් ගුණවර්ධන මහතා මියයාමෙන් හිස්වූ මන්ත්‍රීධූරය සහ අමාත්‍යධූරය ලබාගැනීමේ අපේක්ෂාවෙන් පිම්මක් පනින්නට සිටින ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා රාජපක්ෂලා මට්ටු කිරීම තමන්ට පවරන ලෙස ජනපතිවරයාගෙනන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තාවේ.

රාජපක්ෂලා මට්ටුකල හැක්කේ තමන්ට පමණක් බවත්, ඒ නිසා එ.ජා.ප යට එක්වූ පසු රාජපක්ෂලා මට්ටුකල හැකි බලයක් සහිත ඇමැතිධූරයක් තමන්වෙත ලබාදෙන ලෙස ෆොන්සේකා මහතා ඉල්ලා ඇත.

ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වී පෙබරවාරි 9 වැනි දින නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යරයා ලෙස දිවුරුම්දීමට නියමිතය.

ලසන්ත වික්‍ර‍මතුංග ඝාතන නඩුවේ සැකය පවා එල්ලවී ඇති හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට යහපාලන ආණ්ඩුවේ මෙවැනි භාරදූර අමාත්‍යධූරයක් ලබාදෙන්නට තරම් ආණ්ඩුවේ ලොක්කන් පහතට වැටී තිබීම සහ වගකීම්විරහිතවීම ඉතාමත් බරපතල තත්ත්වයකි.

කෙසේ වෙතත් අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසා ඇත්තේ සරත් ෆොන්සේකාට මන්ත්‍රීධූරයක් සහ ඇමැතිධූරයක් ලබාදුන්හොත් නියත වශයෙන්ම තමන් ඇමැති පදවියෙන් සහ රජයෙන් ඉල්ලා අස්වන බවයි. ඒ අනුව තිරය පිටුපස ගිනිකෙලි මතුවන බව පෙනෙන්නට ඇත.

(දයා නෙත්තසිංහ)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles