Saturday, September 21, 2024

රාජපක්ෂ පාලනයෙන් අහිමිවූ -ජී.එස්.පී. ප්ලස් පේන මානයේ

වසර හයක් පුරා අත්හිටුවා තිබෙන ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය ශ්‍රී ලංකාවට නැවත ලබාදීම සදහා යුරෝපා කොමිසම විසින් රජයට ඉදිරිපත් කර තිබූ කොන්දේසි 58 , කොන්දේසි 15 ක්  දක්වා අඩු කර ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය කඩිනමින් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මත අදාළ කොන්දේසි අඩු කිරීමට හේතුවී ඇතැයි තානාපති ආරංචි මාර්ග සදහන් කරයි. ජාත්‍යන්තර සම්මුතීන්ට අදාළ නීති රීති රෙගුලාසීන් වත්මන්  රජය විසින් සපුරලීමට අවශ්‍ය පියවර ගැනීමත් යුරෝපා කොමිසම සිය කොන්දේසීන් ලිහිල් කිරීමට හේතුවී ඇතැයි තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී.
එමෙන්ම, වත්මන් රජයේ යහපාලන ප්‍රතිපත්තීන් තහවුරු කිරීම සදහා ජී.එස්.පී. ප්ලස් ශ්‍රී ලංකාවට කඩිනමින් ලබාදීම අවශ්‍යතාවයක් බව යුරෝපා සංගමය ද පිළිගෙන ඇතැයි බ්‍රසල්ස් නුවර තානාපති ආරංචි මාර්ග පවසයි.

ජී.එස්.පී ප්ලස් ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීමෙන් අනතුරුව  2010 වසරේදී ද යුරෝපා කොමිසම එය නැවත ලබාදීම සදහා කොන්දේසි පෙලක් ඉදිරිපත් කළා. නමුත් එවකට පැවති රජය අදාළ කොන්දේසි පිලිපැදීම ප්‍රතික්ෂේප කළේ රටේ ස්වෛරීභාවයට හානියක් වන බව පවසමිනි.කෙසේ නමුත්, වත්මන් රජය යුරෝපා කොමිසම සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව අදාළ කොන්දේසි ලිහිල් කර ගැනීමට හැකිවී තිබෙනවා.

එම සහනය නැවත ලබා ගැනීම සදහා පසුගියදා නිල වශයෙන් අයදුම් කර තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම , එම පනත යටතේ රදවා සිටින්නන්ගේ නඩු විභාග කඩිනම් කිරීම , නව මානව හිමිකම් ක්‍රියාකාරි සැලැස්මක් හඳුන්වාදීම ,නව ව්‍යවස්ථාව යටතේ බලය බෙදා හැරීමට කටයුතු කිරීම , උතුරේ පෞද්ගලික ඉඩම් සියල්ල නැවත හිමිකරුවන්ට ලබාදීම , සහ ජාතික සංහිදියා සහ නැවත පදිංචි කිරීමේ ප්‍රතිපත්තියක් හඳුන්වාදීම ඇතුළු කරුණු මෙම කොන්දේසි වලට ඇතුළත්වූ බව තානාපති ආරංචි මාර්ග කියයි.

යුරෝපා සංගමය මීට පෙර ද ප්‍රකාශ කළේ මෙරට මානව හිමිකම් වල වර්ධනයක් අපේක්ෂා කරන බව වන අතර මීට අමතරව ජී එස් පී ප්ලස් තීරුබදු සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදීම පිළිබද සලකා බැලීමට අදාළ කොන්දේසිද  ඉටු කළ යුතු බවයි යුරෝපා සංගමය මෙරටට දැනුම්දී ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි.

ජී.එස්.පී ප්ලස් බදු සහනය ඉල්ලුම් කිරීම සලකා බලන්නටත් පෙර මෙම කොන්දේසි ඉටු කළ යුතු බව  එම සංගමය දැනුම් දී තිබේ.එසෙම යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති ඩේවිඩ් ඩැලී ශ්‍රී ලංකා රජයට දන්වා ඇත්තේ එම කොන්දේසි ක්‍රියාත්මක වන ආකාරයත් , එහි ප්‍රගතියත් නිරන්තරයෙන් සෝදිසියට ලක් කරන බවය.

කෙසේ නමුත් යුරෝපා සංගමය මගින් ඉදිරිපත් කර ඇති එම කොන්දේසි අඩු කර ගෙන එකග විය හැකි කරුණු සම්බන්ධයෙන් එකගත්වය පළකොට ඉදිරියට යාම රජයේ අපේක්ෂාව වන බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

වසර හයක සිට මෙරටට අහිමිව තිබෙන ජී.එස්.පී ප්ලස් බදු සහනය නැවත ලංකාවට ලබා ගැනීම සම්බන්ධයෙන් වන තවත් තීරණාත්මක සාකච්ඡා වට ඉකුත් මාස කිහිපකදීම බ්‍රසල්ස් නුවරදී පැවැත්විණි.මෙරට මානව හිමිකම් තත්ත්වය තහවුරු නොකිරීම ,කම්කරු සම්මුතීන් උල්ලංඝනය කිරීම ඇතුලු කරුණු රැසක් හා 2010 වසරේදී එවකට තිබු වාතාවරණය හමුවේ මෙරට ඇගලුම් නිෂ්පාදන ඇතුලු භාණ්ඩ වර්ග රැසක් සදහා යුරෝපා සංගමය විසින් ජී.එස්.පී ප්ලස් බදු සහනය තවදුරටත් ශ්‍රී ලංකාවට ලබා දීම යුරෝපා සංගමය අත්හිටුවන ලදී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles