රාජපක්ෂ පාලන සමයේ කඩවුණු පොරුන්දුව මෛත්‍රී ජනපති ඉටුකරයි-වසර 8ට පසු රණවිරුවන්ට විශ්‍රාම වැටුප්

1
406
වසර 12 කට අඩු සේවා කාලයක් සපුරා ඇති විශ‍්‍රාමික ආබාධිත රණවිරුවන් ස`දහා සේවා විශ‍්‍රාම වැටුප් ප‍්‍රදානය ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් අද (14) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
ති‍්‍රවිධ හමුදාවේ 2261 දෙනෙකු සහ පොලීසියේ 136 දෙනෙකු වෙනුවෙන් මෙම සේවා විශ‍්‍රාම වැටුප් ප‍්‍රදානය කෙරෙන අතර එය සංකේතවත් කරමින් 150 දෙනෙකු වෙත සේවා විශ‍්‍රාම වැටුප් ප‍්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදු විය.
වසර 12 ක සේවා කාලය අවසන් කර විශ‍්‍රාම ලැබූ ආබාධිත රණවිරුවන්ට හිමි වන සේවා විශ‍්‍රාම වැටුප වසර 12 ක් සම්පූර්ණ නොකර ස්ව කැමැත්තෙන් විශ‍්‍රාම ලැබූ ආබාධිත රණවිරුවන්ට මෙතෙක් හිමි නොවු අතර වසර 08 ක් පුරා සිදුකෙරුණු එම ඉල්ලීම කෙරෙහි ද මෙතෙක් කිසිවෙකුගේ අවධානය යොමු නොවුණි.
මෙම සේවා විශ‍්‍රාම වැටුප වසර 12 කට අඩු කාලයක් සේවයේ නියුතු රණවිරුවන්ට ලබාදීම සන්නද්ධ හමුදා විශ‍්‍රාම වැටුප් හා පාරිතෝෂික ව්‍යවස්ථා සංග‍්‍රහයේ ප‍්‍රතිපාදනවලට අයත් නොවුනද මේ පිළිබ`ද කළ ඉල්ලීම් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ ජනාධිපතිතුමා අදාළ කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව මෙම සේවා විශ‍්‍රාම වැටුප ඉතිහාසයේ ප‍්‍රථම වරට මෙම රණවිරුවන්ට ලබාදීමට පියවර ගනු ලැබීය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, නීතිය හා සාමය පිළිබ`ද අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී විජේවීර, ආරක්ෂ මාණ්ඩලික ප‍්‍රධානී එයාර් චීප් මාර්ෂල් කෝලිත ගුණතිලක, යුධ හමුදාපති ලූතිනන් ජෙනරාල් කි‍්‍රෂාන්ත ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති යන මහත්වරුන් ඇතු`ථ ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිළධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here