Thursday, December 26, 2024

රාජපක්ෂ සමයේ පලිගැනීමට ලක් වූ EDCS සේවකයින්ට ජය

පසුගිය රාජපක්‍ෂ පාලන සමයේදී අසාධාරණ ලෙස සේවයෙන් පහ කළ අධ්‍යාපන සමූපකාර සමිතියේ සේවකයින් විසින් ගොනු කළ නඩුවකට අදාළව පසුගිය 12වනදා තීන්දුවක් ලබා දී ඇති අතර ඉන් එම නඩුව ගොනු කළ සේවකයාට විශිෂ්ඨ ජයක් හිමි වූ බව අධ්‍යාපන සමූපකාර පොදු සේවක සංගමය පවසයි.

අධ්‍යාපන සමූපකාරයේ පාලකයින්ගේ සේවක දඩයමට හසු වෙමින් වැඩ තහනම් වූ සේවකයින් විසින් එම පාලනයට එරෙහිව විශාල නඩු ප්‍රමාණයක් ගොනු කර ඇති බවද එම සංගමය පවසයි.

මෙලෙස පවරනු ලැබූ නඩු අතුරින් අනුරාධපුර කම්කරු විනිශ්චය කොමිෂන් සභාවේ වසර 02ක් පුරාවට විභාග කරනු ලැබූ සංගමයේ විධායක සභික බුද්ධික වඩුගේ මහතාගේ නඩුවේ තීන්දුව මෙසේ පසුගිය 12 වැනි දින ප‍්‍රකාශයට පත්කර ඇති අතර ඒ අනුව සේවය අවසන් කළ දින සිට හිඟ වැටුප් වන්දියක් ලෙස රුපියල් හත් ලක්ෂ අනූපන්දහස් තුන්සිය හතලිහක් (රු. 795,340) ගෙවීමට නියම වී තිබේ. ඊට අමතරව සේවය අහිමිව තිබූ කාලය තුළ ඔහුට ලැබීමට නියමිත වූ සියලු උසස්විම් හා වැටුප් වර්ධකද සහිතව 2016.08.15. දිනට සේවයට කැඳවන ලෙසටද නියෝග කරනු ගැබ ඇත.

මීට අමතරව අනුරාධපුර හා බදුල්ල කම්කරු විනිශ්චය කොමිෂන් සභාවන් හිද මෙලෙස තවත් නඩු 05 ක් විභාග වෙමින් පවතින අතර එකී නඩු සඳහාද සාධාරණ තීන්දුවක් ලැබිය හැකි බවද එම සංගමය පවසයි.

අධ්‍යාපන සමූපකාර සමිති ඉතිහාසයේ සේවක අයිතීන් වෙනුවෙන් අරගල කළ වෘත්තීය සමිතියක් තම සාමාජිකයින්ගේ අයිතීන් වෙනුවෙන් නීතිය හමුවේ කරුණු දක්වන ලද අති විශ්ෂ්ඨ ජයග‍්‍රහණයක් ලෙස මෙම තීන්දුව ඉතිහාසගත වනු ඇති වන බවද තම සාමාජිකයින්ට හා අධ්‍යාපන සමූපකාර සමිති සේවකයින්ගේ අයිතීන් රැකගැනීම වෙනුවෙන් තවදුරටත් නීතියේ පිහිට පතමින් මෙම හොර අතුරු පාලකයින්ට එරෙහිව ගතයුතු ඉහළම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අධ්‍යාපන සමූපකාර පොදු සේවක සංගමය ඉදිරියේදී කටයුතු කරන බවද එම සංගමය කියා සිටියි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles