රාජසන්තක වූ ඉන්දීය ධීවර යාත‍්‍රා 135ක් යාපනයේදී වෙන්දේසි වෙයි

0
255

ඉන්දීය ධීවරයන්ගෙන් රාජසන්තක වූ යාත‍්‍රා 135ක් පළමු දිනයේදී යාපනය කරෙයිනගර් ප‍්‍රදේශයේදී වෙන්දේසි කිරීමෙන් ධීවර දෙපාර්තමේන්තුව රුපියල් 52,25500ක මුදලක් උපයාගෙන තිබේ.

මේ යාත‍්‍රාවලින් වැඩි සංඛ්‍යාවක් අබලන් තත්ත්වයේ යාත‍්‍රා වූ අතර එල් 42 දරණ අඩි 48ක් දිග විශේෂ ධීවර යාත‍්‍රාව පමණක් රුපියල් 1350000කට අලෙවි වීම විශේෂ සිද්ධියක් වුණි.

කොළඹ සිට යාපනයට පැමිණි ධීවර දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙම වෙන්දේසිය ආරම්භ කර තිබේ.

එම වෙන්දේසියේදී ඉන්දීය ධීවර යාත‍්‍රා මිලට ගැනීමට මීගමුව, පුත්තලම, මන්නාරම, ත‍්‍රිකුණාමලය යන පළාත්වල පුද්ගලයෝ 69 දෙනෙක් මුදල් ගෙවා වෙන්දේසි භූමියට පැමිණ ඇත.

ඉන්දීය ධීවරයින්ගෙන් රාජසන්තක වූ අනෙක් යාත‍්‍රා වෙන්දේසි කිරීම ඉදිරි කාලයේදී තවත් දින පහකදී කල්පිටිය ඇතුළු පළාත් කීපයකදී සිදු කිරීමට නියමිතය.

ඉන්දීය ධීවරයින්ගෙන් රාජසන්තක වූ යාත‍්‍රා වෙන්දේසියේ විකිණීම සඳහා අධිකරණමය නියෝගයක් ධීවර දෙපාර්තමේන්තුව විසින් ලබා ගෙන ඇත.

නමුත් ඉන්දියාවේ තමිල්නාඩු ධීවර සංගම් මෙම යාත‍්‍රා වෙන්දේසි කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර තිබේ. යාත‍්‍රා වෙන්දේසි කිරීමෙන් ලැබෙන ආදායමෙන් යම් කොටසක් ඔවුන් ඉල්ලා සිටියත් ඊට පැහැදිලි ප‍්‍රතිචාරයක් මෙතෙක් පළ වී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here