රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වේ. පුද්ගලික සංචාරයකට එක්සත් රාජධානියට ගොස් සිටින ඒ මහතාට සංචාරය අතරතුර කොවිඩ් ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නෙ.
ආරංචි මාර්ග සඳහන් කරන්නේ එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයක නිරතවන අතරතුර ඒ මහතා කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බවය.