රාජ්‍ය ඇමති බීමතින් පැමිණ පිස්තෝලයකුත් අරන් වැලිකඩදී යාලුවො සමග යකා නටයි

0
386

ආණ්ඩුවෙි ප්‍රභල රාජ්‍ය අමත්‍යවරයෙකු සිය යහළුවන් සමඟ ඊයේ (12) වැලිකඩ බන්ධනාගාරය වෙත බීමතින් පැමිණ යකා නටා ඇති බව ද මෝර්නින් පුවත්පත වාර්තා කරනවා.

රාජ්‍ය අමාත්‍යවරයාට අවශ්‍යව ඇත්තේ ඔහුගේ සගයන්ට එල්ලූම් ගහ පෙන්වීම ටයි. අමාත්‍යවරයා මෙන්ම ඔහුගේ සගයන්ද එම මොහොතේ දී බීමතින් සිට ඇති බව පුවත්පත වාර්තා කරයි. එම පුවත්පත පෙන්වා දෙන්නේ රාජ්‍ය ඇමතිවරයාගේ මිතුරන් ද බීමතින් සිටි බවත්, ඔවුන් බොහෝ දෙනෙක් කොට කලිසම් ඇඳ සිටි බවත් රාජ්‍ය ඇමතිවරයා පිස්තෝලයක් අතේ තබාගෙන සිට ඇති බවත්ය.

පිරිස කොපමණ බීමතින් සිට ඇද්ද යත් හිට ගෙන සිටීමටවත් බැරිව සමහරු බිම ඇද වැටී ඇති බව ද පුවත්පත වාර්තා කරයි. පිරිස වැළැක්වීමට උත්සාහ කළ බන්ධනාගාර නිලධාරීන්ට අමාත්‍යවරයා ඇතුළු ඔහුගේ සගයන් බැන වැදුණු බවද පැවසේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් චන්දන ඒකනායක මහතාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ මෙම සිදුවීම පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here