Wednesday, September 25, 2024

රාජ්‍ය ඇමැති කෙහෙළියට සැප මදි වෙලා

තමන්ට ලබාදී ඇති අමාත්‍යංශයේ පහසුකම් ප්‍රමාණවත් නොවන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ප්‍රකාශ කිරීම නිසා එම අමාත්‍යංශයේ කැබිනට් අමාත්‍යවරයා වන ප්‍රසන්න රණතුංග මහතා තමන්ට ලබාදී තිබූ අමාත්‍ය කාර්යාලය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ලබාදී පහසුකම් ප්‍රමාණවත් නැතැයි පැවසූ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කාර්යාලයේ සිට තම රාජකාරි විසිවැනි දා සිට ආරම්භ කර තිබේ.

කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 27 වැනි මහලේ ප්‍රසන්න රණතුංග මහතාට හිමිව තිබූ අතර කෙහෙළිය රඹුක්වැල්ල මහතාට හිමිව තිබුණේ එහි විසිපස් වැනි මහලේ පිහිටි කාර්යාලයයි.

කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට තම අමාත්‍යාංශ කාර්යාලයේ පහසුකම් පිළිබඳව දුක කියා තිබෙන බව කන වැකුණු ප්‍රසන්න රණතුංග මහතා මෙම පියවර ගෙන තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles