රාජ්‍ය ණය යෝජනා ක්‍රම පිළිබඳව ලියවූ ” විදාතා” පොතේ පිංච එළි දකි

0
292

සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින් සහ කම්කරුවන් සඳහා වූ රාජ්‍ය ණය යෝජනා ක්‍රම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ” විදාතා” නැමැති පොත් පිංච එළි දැක්වීම ඊයේ (07) සිදු කෙරිණි.

ඒ, සමෘද්ධි, ගෘහ ආර්ථික , ක්ෂ්ද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, වේවැල් , පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේදීය.

මෙරට ජනතාව මුහුණ දෙන අනවබෝධයෙන් ලබා ගන්නා ණය පිළිබඳ මනා දැනුමක් මෙමගින් ලබා ගැනීමට හැකි වන අයුරින් පිටු 21 කින් සමන්විත මෙම පොත වේවැල් , පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් නිර්මාණය කර ඇත.

මෙම අවස්තාව සඳහා වේවැල් , පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, අමාත්‍යාංශ ලේකම් එම්. ඒ.බී.වී. බණ්ඩාරනායක , කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ජනරාල් ආර්. එම්. ඩී රත්නායක ඇතුලු නිලධාරින් රැසක් සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here