රාජ්‍ය නාට්‍ය උළෙලෙහි අවසන් වටයේ නාට්‍ය අද වෙිදිකා ගත කෙරේ

0
418

රාජ්‍ය නාට්‍ය උළෙල 2021 හි අවසන් වටයේ නාට්‍ය මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී සහ ටවර් හෝල් රඟහලේදී අද (17) සිට මාර්තු 6 වැනිදා දක්වා වේදිකාගත කෙරේ.

අවසන් වටයට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි තේරුණු කෙටි නාට්‍ය 20 ක් සහ දිගු නාට්‍ය 12 ක් මෙහිදී වේදිකාගත කිරීමට නියමිතය.

මාර්තු 5 වැනිදා දක්වා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදීත්, මාර්තු 6 වැනිදා ටවර් හෝල් රඟහලේදීත් එම නාට්‍ය වේදිකාගත කෙරෙන බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

‘ආනන්දනීය බාබර්’ පස්වරු 5.30ට,
‘තලෙයියානෙයි මන්දිරම්’ පස්වරු 6.20 ට
‘ෆ්ලේවර්ස්’ පස්වරු 7.10 ට

අද (17) දිනයේදී කෙටි නාට්‍ය තුන වේදිකාගත කෙරේ.

මෙහිදී කෙටි නාට්‍ය 20ක් හා දිගු නාට්‍ය 12ක් වේදිකා ගත වීමට නියමිතය. මින් 2022.03.06 දින වේදිකාගත වීමට නියමිත ඌරෝ අතර pork දිගු නාට්‍ය පමණක් මරදාන ටවර් රගහලේදී වේදිකා ගත වේ.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය්, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව එක්ව මෙම උළෙල සංවිධානය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here