අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද මුදල් හා බුද්ධ ශාසන යන අමාත්‍යංශවලදී සිය රාජකාරි ආරම්භ කළේය.
මුදල් අමාත්‍යංශයේ වැඩ භාරගැනීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා සිය නිලධාරින් අමතමින් කියා සිටියේ ඉදිරියේදි පනත් මගින් රාජ්‍ය නිලධාරීන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිහිටුවනු ලැබූ අන්තර්කාලීන ආණ්ඩුවේ මුදල් අමාත්‍ය අග්‍රාමාතය මහින්ද රාජපක්ෂ මහතා 26 පෙරවරුවේ එම අමාත්‍යංශයේදි සිය ධූරයේ වැඩ ආරම්භ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසීය.
“ආර්ථික වර්ධන වේගය අවම මට්ටමේ. සංචාරක ක්ෂේත්‍රයත් පාස්කු ප්‍රහාරයෙන් කඩා වැටුණා. රජයේ ණය බරතාවය සියයට සියයකට කිට්ටු වෙලා. රුපියලේ පිරිහීම නිසාම. රජයේ ණය බරතාවයට රු.බි.1760 ක් එකතු වෙලා
බැඳුම්කර වංචාව සිදු කරලා. වසන් කරන්න සියලුදේ කරලා. FCID වැනි ආයතන මගින්. රාජ්‍ය නිලධාරීන් තීරණ නොගන්න තත්ත්වයට පත් කළ නිසා. රාජ්‍ය සේවයම අකර්මන්‍ය වෙලා
ඒ රජයට ජනතාව පණිවිඩයක් දුන්න ජනාධිපතිවරණයේදි. ඒ දූෂිත රජය පරාජයට පත් කළා. මගේ 2005 -2014 රජය වගේමගෝඨාභය රාජපක්ෂගේ රජයත්. කිසි විටෙක දුන් පොරොන්දු කඩ කරන්නේ නැහැ. අපි කියන දේ කරනවා
FCID ගෙනියයි කියලා හැමෝම බයයි. සත්භාවයෙන් කරන ක්‍රියාවලදී. පනතකින් ආරක්ෂා කරන්න වැඩ කරනවා“
ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බුද්ධ ශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාතයංශයේදිත් සිය ධූරයේ වැඩ ඇරඹුවේය.
එහිදිත් මහා සංඝරත්නය ප්රමුඛ පූජ්‍ය පක්ෂය අග්‍රාමාත්‍යවරයා වෙත සිය ආශිර්වාදය පළ කළේය.