රාජ්‍ය පරිපාලන නව ලේකම් රත්නසිරි

0
425

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ධුරයේ කටයුතු කළ ඡේ. ඡේ. රත්නසිරි මහතා ඊයේ (01 දා) සිට පත්කර ඇත. රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටි ජිනසිරි දඩල්ලගේ මහතා තැපැල් අමාත්‍යංශයට ස්‌ථාන මාරුකළ අතර ඔහු එම තනතුර භාර නොගෙන විශ්‍රාම ගියේය. මේ හේතුවෙන් රාජ්‍ය පරිපාලන කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් ධුරය මසක පමණ කාලයක්‌ පුරප්පාඩුව පැවැති අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ සිට එම අමාත්‍යාංශයට රත්නසිරි මහතා පත්කර ඇත.

ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශයේ පුරප්පාඩු වූ ලේකම් ධුරය සඳහා මාතලේ දිසාපති නීල් ද අල්විස්‌ මහතා පත්කර ඇතැයි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඡේ. ඡේ. රත්නසිරි මහතා cia.lk වෙත පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here