රාජ්‍ය සම්පත්වලින් කොටසක් පෞද්ගලීකරණය කිරීම වරදක් නොවේ

0
272

රාජ්‍ය ආයතන හෝ රජයේ සහ සම්පත් වලින් කොටසක් ආයෝජනය කිරීමට පුද්ගලික අංශය සම්බන්ධ කර ගැනීමේ කිසිදු වරදක් නැතැයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

නැගිටින්නට උත්සාහ කරන රටක් ලෙස විදේශ ණය හෝ ආයෝජන ආධාර ලඟාකර ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක් බවත් ඔහු පෙන්වා දේ.

මෙරට සම්පත් සඳහා ආයෝජකයෙක් හවුල් කර ගන්නා විට කොන්දේසි පනවා ජනතාව ලාභාංශ ලැබෙන අයිතිය ආයෝජකයාට නොලැබෙන පරිදි ආයතකයේ දියුණුවට මග පාදමින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු පැවසීය.

ප්‍රංශයේ සමස්ථ දුම්රිය සේවය පුද්ගලීකරණයට ලක්කර තිබෙන බව ද ඔහු පෙන්වා දුන්නේය.

ඒ මහතා මේ බව කියා සිටියේ පොල් සංවර්ධන අධිකාරිය පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Lanka C News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here