Saturday, September 21, 2024

රටට උසුලන්න බැරි බරක් වූ රාජ්‍ය සේවයට තවදුරටත් ලොසින්ජර දෙන්න බෑ – මුදල් ඇමති

රටට උසුලන්න බැරි තරම් රාජ්‍ය සේවය පුළුල් වී ඇති බවත් තවදුරටත් රාජ්‍ය සේවයට ලොසින්ජර ලබාදීම සිදුකල නොහැකි බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා.

රාජ්‍ය සේවය රටට බරක්වී ඇති බවත් තව රාජ්‍ය සේවයට සහන දෙනවා කියන්නේ ඊට මුදල් ලබා ගන්න වෙන්නේ ජනතාවගෙන් වීම හේතුවෙන් තවත් වසරක් යනකම් රාජ්‍ය සේවය වෙනුවෙන් මහජන මුදල් වැය කිරීමට නොහැකි බව මුදල් අමාත්‍යවරයා පැවසුවේය.

රාජ්‍ය සේවකයින් ගේ වැටුප් වැඩි කිරීමක් සිදුනොකළ ද, ඔවුන්ට මුල්‍ය නොවන සහන සැලසීමට රජය කටයුතු කළ බවයි මුදල් ඇමතිවරයා පැවසුවේ.

රාජ්‍ය සේවය රටට බරක්වී ඇති බවත් තව රාජ්‍ය සේවයට සහන දෙනවා කියන්නේ ඊට මුදල් ලබා ගන්න වෙන්නේ ජනතාවගෙන් වීම හේතුවෙන් තවත් වසරක් යනකම් රාජ්‍ය සේවය වෙනුවෙන් මහජන මුදල් වැය කිරීමට නොහැකි බවයි මුදල් අමාත්‍යවරයා පැවසුවේ.

“නිදහස ලබද්දී රටේ මහජනතාවගෙන් 118 කට සිටියේ එක් රාජ්‍ය සේවකයෙක් විතරයි. නමුත් දැන් රටේ මහජනතාවගෙන් 13 දෙනෙක්ට එක් රාජ්‍ය සේවකයෙක් බැගින් සිටිනවා.

මේ රාජ්‍ය සේවකයින් බොහෝ දෙනා විවාහ වෙන්නේ කාලයක් ගිහිල්ලා. ඔවුන්ගේ දරුවන් සරසවි ප්‍රවේශ වෙනවා වගේම උසස් අධ්‍යාපනයට ඇතුල් වෙන්නේ මේ රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගන්නා කාලයේදී. මේක ඔවුන්ට විශාල ගැටළුවක්. මේ හේතුව නිසයි අපි රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වයස අවුරුදු 10කින් ඉහළ දැම්මේ.

දැන් එය අවුරුදු 55 සිට 65 දක්වා වැඩි වූ විට ඔවුන්ට ඉන් ආර්ථික වාසියක් ලැබෙනවා. ඒ වගේම රාජ්‍ය සේවයට පළපුරුද්දක් තිබෙන සේවකයින් අවශ්‍යයි.

ඉදිරියේදී වාර්ෂිකව විශ්‍රාම යන රාජ්‍ය සේවකයින් ගේ අනුපාතයට අනුව නව රැකියා ලබාදීම සිදුකරන්න කටයුතු කරනු ලබනවා” යැයි මුදල් අමාත්‍යවරයා කියා සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles