Saturday, January 11, 2025

රාජිතගේ නඩුවට කතා කළ නීතිඥයාට මුත්‍රාවලින් ගහයි

මතුගම දිසා අධිකරණයේ නීතිඥ ප්‍රසාද් ඉඹුලේගොඩ අධිකරණ සංකීර්ණය අසල පිහිටි ඔහුගේ නීතිඥ කාර්යාලයේදී මුත්‍රා සහිත බෝතලයකින් දමා ගසන ලදැයි අධිකරණය හමුවට පමුණුවන ලැබූ 85 හැවිරිදි පුද්ගලයකු ඔක්තෝබර් මස 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මතුගම ප්‍රධාන මහෙස්ත්‍රාත් ධම්මික උඩුවේවිතාන පෙරේදා (6 වැනිදා) නියම කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරයට නියම වූයේ මොරොන්තුඩුව කලපුගම පදිංචිකරුවකු වූ උඩුකලගේ දොන් කුලපාල නම් වූ අයටය.

මෙයට හේතු වී ඇත්තේ හිටපු සෞඛ්‍ය ඇමැති හා කළුතර දිස්ත්‍රික් සජබ මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න සමග මතුගම දිසා අධිකරණයේ පැවැති ඉඩම් නඩුවකි.

රාජිත සේනාරත්නට අයත් අගලවත්තේ පිහිටි ඉඩමක මොහු ටේලර් සාප්පුවක් පවත්වාගෙන ගොස් ඇති අතර ඔහුව ඉන් ඉවත් කිරීම සඳහා මීට වසර ගණනාවකට පෙර රාජිත සේනාරත්න මතුගම දිසා අධිකරණයේ නඩුවක් ගොනුකර තිබේ.මොහු එම නඩුවේ විත්ති පාර්ශ්වය වන අතර ඔහු වෙනුවෙන් පෙනී සිට ඇත්තේ නීතිඥ ප්‍රසාද් ඉඹුලේගොඩය.

පෙරේදා (6 වැනිදා) පෙරවරු 9.00ට පමණ නීතිඥවරයාගේ කාර්යාලයට පැමිණ ඇති සැකකරු නඩුව පැමිණිලි පාර්ශ්වයට වාසිදායක අන්දමින් කටයුතු කළ බවට තම නීතිඥවරයාට චෝදනා කොට වැය වූ මුදල් ඉල්ලා සිට ඇති අතර මුදල් නොදීම නිසා උණ වී මුත්‍රා පිරවූ බෝතලයකින් පහරදී ඇති බව පොලිසිය කියයි.

පහරකෑමට ලක්වූ නීතිඥවරයා මතුගම වෑත්තෑව රෝහලට ඇතුළත් කර ඇත.

මතුගම පොලිසියේ සැරයන් විසින් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles