Saturday, November 16, 2024

රාත්‍රී සංචරණ සීමා අද සිට ඉවතට

කොවිඩ් වසංගතය හේතුවෙන් විවාහ මංගල උත්සව ඇතුළු ක්‍රියාකාරකම් කිහිපයක් සඳහා තිබු සීමා ලිහිල් කරමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා පනවා තිබු සංචරණ සීමාවන් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කෙරෙනු ඇති.

විවාහ මංගල උත්සව ශාලා තුල අමුත්තන් 100 දෙනෙකුට ද එළිමහන් මංගල උත්සව සඳහා අමුත්තන් 150ක උපරිමයකට යටත්ව රැස්වීම සඳහා අවසර ලබාදීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් අනුමැතිය ලබාදී ඇති බව සඳහන්.

කෙසේවෙතත් විවාහ මංගල උත්සව වලදී මත්පැන් භාවිතා කිරිමට අවසර හිමි වන්නේ නැහැ.

එමෙන්ම ආපන ශාලා තුළ එකවර උපරිමව පුද්ගලයින් 75 දෙනෙකුට ආහාර ගැනීම සඳහා අවසර හිමිවනවා.

එළිමහන් උත්සව සඳහා සහභාගිවිය හැකි උපරිම සංඛ්‍යාව පුද්ගලයින් 100ක් දක්වා වැඩි කර තිබෙනවා.

මේ අතර කාර්යාල රැස්වීම සඳහා අවසර හිමිවන්නේ අදාළ ශාලාවේ ඉඩ ප්‍රමාණයෙන් 1/3ක ප්‍රමාණයකට වන අතර එය උපරිමය පුද්ගලයින් 150කට සීමා කර ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles