රාමසාන් උත්සවයට ජනපති හා අගමැතිගෙන් සුභාසිංශන…

0
474

ඉස්ලාම් බැතිමතුන් අද (06) රාමසාන් උත්සවය සමරනු ලබනවා. පුරා මාසයක කාලයක් උපවාසයේ නිරත වූ මෙරට ඉස්ලාම් බැතිමතුන් ඊයේ රාත‍්‍රියේ නව සඳ දැකීමත් සමග එම උපවාස සමය අවසන් කළා.

දේවත්වය සහ මනුෂ්‍යත්වය අතර සමීප සබැඳියාවක් සනිටුහන් කරමින් කයෙන් සහ මනසින් සංවර වූ අධ්‍යාත්මික පාරිශුද්ධත්වය සංකේතවත් කරන ඊදුල් ෆිතර් උළෙල සමරන මුස්ලිම් ජනතාවගේ සියලූ ප‍්‍රාර්ථනාවන් සඵල වේවායි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සුභාසිංශන පළ කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ලෝකවාසී මුස්ලිම් ප‍්‍රජාව එකම අරමුණක් වෙත ඒකාත්මිකව සියලූ තෘෂ්ණාවන්ගෙන් අත්මිදී දයාව, සෙනෙහස, සාමය, සංහිඳියාව සහ පරිත්‍යාගශීලීත්වය වැනි ගුණාංග තුලින් සමස්ත මානව සමාජය වර්ණවත් කරන බවයි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උත්සවය වෙනුවෙන් සුභපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. රාමසාන් කාලසීමාවේදී ඉස්ලාම් බැතිමතුන් ප‍්‍රගුණ කරන කැපවීම ආත්ම දමනය මෙන්ම සමානාත්මතාවය සහ පරිත්‍යාගශීලීත්වය ජාතික සමගියට මෙන්ම සංහිඳියාවටද මහඟු ආදර්ශයක් බවයි එහි දැක්වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here