Saturday, January 11, 2025

රැකියාවේ තෘප්තිමත් බව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලින් බලාපොරොත්තු විය නොහැක

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ වන විට පවතින අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් එහි පුරප්පාඩු පිරවීමට අවශ්‍ය අනුමැතිය ලබා දෙන ලෙස මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ඒ සඳහා සාධනීය අවධානයක් යොමුව ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.

සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති 22 ක නියෝජිතයන් සමඟ ඊයේ (07) එම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා මුදල් අමාත්‍යාංශය ඉහළ ප්‍රමුඛතාවක් ලබා දෙන බවත් එම සේවාවේ පවතින වටිනාකමට රජයද උපරිම වටිනාකමක් ලබා දී ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවක වැටුප් සඳහා රජය රුපියල් බිලියන 48 ක් ලබා දෙන විට එහි අතිකාල හා අනෙකුත් දීමනා සඳහා තවත් රුපියල් බිලියන 87 ක් වැය කරන බවත් ඒ මහතා පෙන්වා දී තිබෙනවා.

සෞඛ්‍ය සේවකයන් සඳහා වන රුපියල් 7500 යේ දීමනාව ලබාදීම සඳහා මසකට රුපියල් මිලියන 490 ක් වැයවන බවත් එම සේවාවේ පිරිස් කොවිඩ් මර්දනය වෙනුවෙන් දැක්වූ දායකත්වය ඇගයීමකට ලක් කරමින් එම දීමනාව මාස 03 ක කාලයක් සඳහා ලබාදුන් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළ බවයි සෞඛ්‍ය අමාත්යංශය නිවේදනය කළේ.

හෙද හා පවුල් සෞඛ්‍ය සේවාවන් සඳහා ඇතුළුවීමට සුදුසුකම් සපුරන සෞඛ්‍ය සේවකයන්ගෙන් 5% කට මෙයට පෙර තිබූ අවස්ථාව යළි සකස් කරන්නැයි වෘත්තීය සමිති නියෝජිතයන් මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් කර ඉල්ලීමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඒ සඳහා සෞඛ්‍ය සේවාවේ අන්තර් වෘත්තීය සමිති විරුද්ධ නොවන්නේ නම් තමන්ටද ඒ පිළිබඳව අවධානය යොමු කළ හැකි බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles