Saturday, September 21, 2024

රැකියා දසලක්ෂයේ පස්අවුරුදු සැලැස්මේ ලොකු පුටුව අර්ජුන් මහේන්ද්‍රන්ට..

ශ්‍රීලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍ර මහතාව රැකියා දස ලක්ෂයේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා වන රජයේ පස් අවුරුදු සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධානියා වශයෙන් පත් කිරීමට රජය තීරණය කර ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහ මැතිවරණයට පෙර ප්‍රතිඥා දී තිබුණේ, වසර පහක් තුළ දී තරුණ තරුණියන්ට රැකියා දස ලක්ෂයක් බිහි කරන බවයි. මෙය යථාර්තයක් බවට පත් කිරීමට කටයුතු සිදුවෙමින් පවතිනවා.

අර්ජුන් මහේන්ද්‍ර මහතා ආර්ථික විශේෂඥයකු ලෙස අන්තර්ජාතික නමක් දිනා ගෙන සිටිනවා. එම මහතා ප්‍රධානත්වය ගන්නා පස් අවුරුදු සැලැස්මට මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රධානීන් කිහිප දෙනකු සහාය ලබා දීමට ඉදිරිපත් වී ඇත. E‍TCA ගිවිසුම, ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් කිරීමට යෝජිත නිදහස් වෙළඳ ගිවිසුම, චීනය සමඟ අත්සන් කිරීමට යෝජිත ආර්ථික ගිවිසුම ආදී ඉදිරි වසර හතර තුළ මෙරට ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රගතියට අදාළ ජාත්‍යන්තර එකඟතාවලට එළැඹීම ද අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ සභාපතිත්වයෙන් යුතු පස් අවුරුදු සැලසුම් ව්‍යාපෘතිය මඟින් කෙරෙනු ඇති.

හෙට අරලිය ගහ මන්දිරයේදි පස් අවුරුදු සැලැස්ම සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ විශේෂඥයන් සමඟ විශේෂ සාකාච්ජාවක් පැවැත්විමට ද නියමිත බව සඳහන් වෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles