Saturday, September 21, 2024

රැකියා 8000 ක්

ලංකා ආයෝජන මණ්ඩලය ගෙවුණු ජූනි මාසයේ දී නව ආයෝජන ගිවිසුම් 46 කට අත්සන් තැබූ බව නිවේදනය කර සිටී.
මේ හරහා ක්‍රියාත්මක වීමට නියමිත ව්‍යාපෘතිවල මුලු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 982 ක් ලෙසින් ඇස්තමේන්තු කර තිබෙන බව එම මණ්ඩලය පවසයි. නිෂ්පාදන, ඉදිකිරීම්, මිශ්‍ර ව්‍යාපෘති, හෝටල්, කුඩා ජලවිදුලි බලාගාර, සූර්ය බලශක්ති, ඇඟළුම්, අධ්‍යාපන, පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි මෙම නව ආයෝජන මණ්ඩල ව්‍යාපෘති ඇරඹීමට නියමිතය.
මෙම නව ආයෝජන ගිවිසුම් හරහා නව රැකියා අවස්ථා 8,000 කට අධික ප්‍රමාණයක් උත්පාදනය වන අතර මේ සඳහා වන ගිවිසුම් සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙනුවෙන් එහි සභාපති උපුල් ජයසූරිය මහතා අදාළ ආයෝජකයින් සමගින් පසුගිය දා අත්සන් තබනු ලැබීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles