රැඳවියන්ගේ නත්තල් සමාව

0
754

බන්ධනාගාර නේවාසිකයන්ට හිමි නත්තල් සමාව ඉදිරියේදී ලබාදීමට නියමිත බව  බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඊට අදාළ සමාලෝචන වාර්තා 100ක් පමණ අධිකරණ අමාත්‍යාංශය වෙත යොමුකර ඇති බවය.

“බන්ධනාගාර නේවාසිකයින් සඳහා නත්තල නිමිත්තෙන් ලබාදීමට සිටි ජීවිතාන්ත සමාව ඉදිරියේදී ලබා දෙන්න කටයුතු කරනවා. ජීවිතාන්ත සිරදඬුවම් විඳින රැඳවියන් සඳහා ලබාදෙන සිව් අවුරුදු සමාලෝචන වාර්තාව හා සම්බන්ධවන සමාවත් ඉදිරි කාලයේදී ලබාදීමට බලාපොරොත්තුවෙන බවත් අධිකරණ අමාත්‍යාංශයෙන් දන්වලා තියෙනවා. සමාලෝචන වාර්තා 100ක් පමණ බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කරලා තියෙන්නෙ. බන්ධනාගාර නේවාසිකයින් සියලුම දෙනා නත්තල් සමාව ගැන දැඩි උනන්දුවකින් සිටිනවා,” යනුවෙන් ද මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here