Thursday, December 26, 2024

ඉදිරියේදී රැ 100 ට අඩුවෙන් හාල් දෙන්න පුළුවන් වෙයි – සහල් මිල ගැන වෙළඳ ඇමතිගෙන් ප්‍රකාශක්

ඉදිරියේදී සහල් මිල අඩු වනු ඇති බවත් මේ වන විටත් ආනයනය කරන ලද නාඩු සහල් සතොස ශාඛා හරහා බෙදා දීමට පියවර ගෙන ඇති බවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධණ සඳහන් කරයි.

“ආනයනික පළමු නාඩු සහල් තොගය මේ වනවිට ලංකාව පුරාම සතොස වෙළෙඳසැල් වෙත බෙදාහැරලා අවසන්. එක පාරිභෝගිකයෙකුට කිලෝවක් රුපියල් 99 ගානේ සහල් කිලෝ 5ක් ලබාගන්න පුළුවන්. අනෙකුත් වර්ගවල සහල් ද රජය මැදිහත්වෙලා ගේනවා. ඒ අනුව ඉදිරියේදී ලැබෙන තොග සමග අනෙකුත් වෙළෙඳසැල් වෙතත් බෙදාහරිනවා. ඊයේ මුදල් ඇමතිතුමා තීරණයක් ගත්තා වෙළෙඳපොළ සහල් මිලට දැනෙන බලපෑමක් ඇති කරන්න පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන්ටත් දෙසැම්බර් 31 වෙනකම් සහල් ආනයනය කරන්න ඉඩ දෙන්න. මේ නිසා ඉදිරියේදී වෙළෙඳපොළ සහල් මිල රුපියල් 100ට වඩා පහළට එයි.”

මෙි අතර ලංකා සතොස සහන මිලට ලබාදෙන සහල් මිලදී ගැනීමේදී වෙනත් භාණ්ඩ වර්ග හතරක් මිලදී ගතයුතු යන කොන්දේසියක් පැනවූයේ සතොස සහල් වැඩි මිලට අළෙවි කරන පුද්ගලයන්ගේ අතට සහල් පත්වීම වැලැක්වීමට බවත් එය වෙළෙඳ අමාත්‍යංශය විසින් පනවන ලද කොන්දේසියක් බවත් ලංකා සතොස සහභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා අද (4) පස්වරුවේ පැවසීය.

ඇතැම් පුද්ගලයන් සංවිධානාත්මකව පුද්ගලයන් රැසක් සතොසට යොමුකර සහල් කිලෝවක් රුපියල් 98 බැගින් ලබාදෙන කිලෝවක් රුපියල් 140 කට අධික මිලකට අළෙවි කරන බව කී සභාපතිවරයා එවැනි කූඨ ව්‍යාපාර වැලැක්වීමට මෙම පියවර ගත් බව ද සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles