රෑට ‘යාස්’ එන්න පුළුවන්… අවධානයෙන් සිටින්න…

0
375


ඊසාන දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති යාස් සුළි කුණාටුව මේ වන විට චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පවතින අධික වැසි හේතුවෙන් කලු, කැළණි, ගිං, නිල්වලා, මහවැලි, අත්තනගලුඔය සහ මහඔය යන ගංගාවල ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 04 ක් සහ ඉගිනිමිටිය ජලාශයේ වාන් දොරටු 02 ක් විවෘත කර ඇති බවයි.

එබැවින් අවධානම් නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශවල ජනතාව විමසිල්ලෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here