Tuesday, September 24, 2024

රෑට යූරියා දමා උදේට පේ්න්න කොම්පොස්ට් දමා කාබනික වගාව සාර්ථකයි කියන්න රතන හිමි උපදෙස් දීලා..

කාබනික පොහොර යොදමින් ගොවිතැන් කිරීමෙන් හෙක්ටයාරයකට කිලෝ 2000-2500 පමණ අස්වැන්න පහල බැස ගිය බව ගොවීහු චෝදනා කරති.රසායනික පොහොර යොදා ගොවිතැන් කිරීමේදී හෙක්ටයාරයකට කිලෝ පන්දහසක් පමණ ලබා ගත හැකි වූ බවද රසායනික පොහොර ඉල්ලමිනි විරෝධතාවය යෙදෙන ගොවි ජනතාව කියා සිටියහ.


මාදුරැඔය කලාපයේ ගොවිතැන් කටයුතු කරන්න පිරිස් විසින් මෙම විරෝධතාවයන් පවත්වන ලදී.
එහිදී ඔවුන් තව දුරටත් කියා සිටියේ අතුරලියේ රතන හිමියන්ගේ මූලිකත්වයෙන් කාබනික ගොවිතැන පටන් ගත්තේ තම ගොවි ජනපදයෙන් බවයි.


එහි දී රාත්‍රියට යූරියා පොහොර යොමු පෙරවරුවේ කොම්පෝස්ට් පොහොර යොදමින් සාර්ථකයි කියා පෙන්නූ බවද සඳහන් කළහ.
එසේ කරමින් කාබනික ගොවිතැන සාර්ථක බව රටට පෙන්වීමට උත්සාහ කළ බව ද එක් ගොවියකු එහිදී කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles