Saturday, December 28, 2024

රිච්මන්ඩි දරුවෝ ක්‍රීඩාවෙන් ඉදිරියට එනවට චන්දිම මොකද මේ තරම් විරුද්ධ?

ගාල්ල ප්‍රදේශයට සාගර විශ්ව විද්‍යාලයක් ඉදිකිරීම සඳහා වෙන් කළ ඉඩමක් මේවන විටත් බූස්ස ප්‍රදේශයේ තිබිය දී, ගල්ල රිච්මන්ඩ් විද්‍යාලය සතුව ක්‍රීඩාංගනයක් ලෙස පවතින එකම ඉඩම, සාගර විශ්ව විද්‍යාලයක් ඉදිකිරීමට වෙන්කරන ලෙස ඉල්ලා නිපුනතා හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා විසින් මීට සති දෙකකට පමණ පෙර කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබුවේ තම ප්‍රතිරූපය පුම්බා ගැනීමේ අරමුණ පෙරදැව බව පැහැදිලි කරුණකි. සාගර විශ්ව විද්‍යාලයක් ඉදිකිරීම සඳහා ම වෙන් කළ ඉඩමක් මේවන විටත් බූස්ස ප්‍රදේශයේ ඇති බැවින් රිච්මන්ඩ් විද්‍යාලීය දරුවන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය දියුණු කර ගැනීම සඳහා පවතින එකම ක්‍රීඩාංගනය කිසි සේත් සාගර විශ්ව විද්‍යාලයක් සඳහා ලබා දිය නොහැකි බවට පවසමින් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් සිදුකළ දැඩි වාග්ප්‍රහාරයන් හමුවේ ජනධිපතිතුමාත්, අගමැතිතුමාත් මැදිහත් වී එම කැබිනට් පත්‍රයේ ඇති නුසුදුසු බව චන්දිම වීරක්කොඩි මහතාට පැහැදිලි කර දීමෙන් අනතුරුව ඔහු විසින් ම ඉදිරිපත් කර තිබූ කැබිනට් වාර්තාව හකුළාගනු ලැබීය. ඉන් පසු ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විදේශගතව සිටියදී, රිච්මන්ඩ් විද්‍යාලයට විනකිරීමේ අරමුණින් සිටින චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා යළිත් වතාවක් එම කැබ්නට් පත්‍රය ම දිනය වෙනස්කර ඉදිරිපත් කර ඇත. මේ පිළිබඳ අවධානය යොමු කරනු ලැබූ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා විසින් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා දිවයිනේ නොමැති අවස්ථාවේදී චන්දිම වීරක්කොඩි මහතා විසින් කළ මෙම ක්‍රියාව දැඩි ලෙස විවේචනය කරමින් පවසා සිටියේ අනවශ්‍ය ලෙස මතභේධ ඇතිවන මෙබදු නිෂ්පල ක්‍රියා තවදුරටත් සිදු නොකරන ලෙසයි. එලෙසම සාධාරණ කරුණු කාරනා මත නිෂ්ප්‍රභා වූ කැබිනට් පත්‍රිකා යළිත් දිනය වෙනස්කර ඉදිරිපත් නොකරන ලෙස සියළුම කැබිනට් අමාත්‍යවරුන්ට දැනුම් දුන් ජනාධිපතිවරයා, චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා දෙසට හැරී, “රිච්මන්ඩි දරුවෝ ක්‍රීඩාවෙන් ඉදිරියට එනවට චන්දිම මොකද මේ තරම් විරුද්ධ“ යනුවෙන් සිනා මුසු මුහුණින් විමසූ විට චන්දිම අමාත්‍යවරයා දැඩි දෙස අපහසුතාවයට පත්ව නිරුත්තර විය. (www.colmbojournal.com

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles