රිමාන්ඩ් කළ අන්තරේ කැඳවුම්කරු ඇතුළු සිසු කම්කරු ක්‍රියාකාරීන් තිදෙනෙකුට කොඩිඩ් ආසාදනය වෙයි

0
345

කොතලාවල පනතට එරෙහි විරෝධතාවලට නායකත්වය දීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින  අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ජපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප, කම්කරු අරගල මධ්‍යස්ථානයේ චමීර කොස්වත්ත යන තිදෙනාටම කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇත.

අගෝස්තු 03 වන දා පැවති විරෝධතාවෙන් පසු එදිනම රාත්‍රීයේ චමීර කොස්වත්ත  අත්අඩංගුවට ගනු ලැබූ අතර  අමිල සංදීප  අගෝස්තු 05 වන දාත්, වසන්ත මුදලිගේ අගෝස්තු   06 වන දාත්  අත්අඩංගුවට ගැනිණි. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මොවුන්  රඳවා තැබූ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය(CRP) තුළ දී  කරන ලද  antigen හා PCR පරීක්ෂණ මගින් ඔවුන් කොවිඩ්  ආසාදිතයන් නොවන බව තහවුරු කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here