රියදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි සෙවීමට නව උපකරණ

0
309

ගතවු වසර 10ක කාලය තුළ රිය අනතුරු හේතුවෙන් මෙරට පුද්ගලයින් 27,000ක් මියගොස් ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, වසර 30 පැවැති යුද්ධයෙන් මිය සංඛ්‍යාවකට වඩා ගත වු වසර 10 තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් මියගොස් ඇති බවය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“පසුගිය අවුරුදු 10 තුළ මහා මාර්ගයේ මැරිලා තියෙනවා 27,000ක්. හිතා ගන්න පුළුවන් ද? කහ ඉර උඩ සහ මහා මාර්ගයේ 27,000ක් මැරිලා අපේ රටේ ජනතාව. අවුරුදු 30ක යුද්ධයේ දී මැරුණේ 29,000යි. ජනවාරි මාසයේ සිට අද වෙනවිට 1,760ක් මැරිලා තියෙනවා මහා මාර්ගවල. මාර්ග නීති උල්ලංඝනය කිරීම, බීමත්ව රිය පැදවීම සහ අධික වේගයෙන් රිය පැදවීම නිසා. අධික වේගයෙන් බොහෝ දුරට යන්නේ මත්ද්‍රව්‍ය අරන්. ඒවා පරීක්ෂා කරන්න උපකරණ නෑ. ඒ උපකරණ අපි දැන් හෙට අනිද්දා ට ගේනවා. ඒවත් නීතියට ඇතුළත් කරාට පස්සේ අපිට පුළුවන් ව අත්අඩංගුවට ගන්න.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here