රිෂාඩ්ගේ නිවසේ ‘දැරිය ගිනි ගත් කාමරයේ’ බිත්තියක සටහනක්…

0
370

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේදී පිළිස්සුම් තුවාල සහිතව මියගිය 16 හැවිරිදි දැරිය රැඳීසිටි කාමරයේ බිත්තියක තිබූ විශේෂ සටහනක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අදාළ දැරිය රැඳී සිටි කාමරය පරීක්ෂා කිරීමේදී එහි බිත්තියක ඉංග්‍රීසි අක්ෂරයෙන් දෙමළ අර්ථයක් ලබාදෙන ආකාරයට සටහනක් ලියා ඇති අතර එහි සිංහල අර්ථය වන්නේ ” මගේ මරණයට හේතුව ” යන්න බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පෑනකින් ලියා තිබූ බව කියන එම වැකිය දැරිය විසින් ලියූ එකක්ද? එසේත් නොමැති නම් දැරිය පිලිස්සී මියයෑමෙන් අනතුරුව පරීක්ෂණ කටයුතු නොමඟ යැවීම සඳහා සිදුකළ ක්‍රියාවක්ද? යන්න තහවුරු කරගැනීම සඳහා රජයේ රස පරීක්ෂක නිලධාරීන් එම ස්ථානයට කැඳවූ අතර අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන්ද ඊට සහාය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here