රිෂාඩ්ගේ මෙහෙකාර දැරියගේ මරණය…….

0
322

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ සිටියදී පිලිස්සුම් තුවාල ලබා මිය ගිය 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මෙලෙස පිලිස්සුම් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මිය ගොස් තිබුණේ ආගරපතන, ඩයගම බටහිර කොටසේ පදිංචි 16 හැවිරිදි දැරියක්. ඇය ඉකුත් ඔක්තොම්බර් මාසයේදී තැරුව්කරුවෙකුගේ මාර්ගයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේ මෙහෙකාර සේවයට යොමුකර තිබුණා.

ළමා ශ්‍රමිකත්වය නීති විරෝධි ආකාරයෙන් භාවිත කර ඇත්දැයි මෙහිදී විමර්ශණ කිරීමට බලාපොරොත්තු වන බවයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here