රිෂාඩ් සහ රියාජ් ව රඳවාගෙන ප්‍රශ්න කිරීමට CIDයට අවසර

0
515

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම රැඳවුම් නියෝගය ලබාගෙන ඇත.

පාස්කු ප්‍රහාරයේ ඝාතයින්ට ආධාර අනුබල දීම සහ ඔවුන් සමග සමීප සබඳතා පැවැත්වීම හේතුවෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ ඔවුන් අද (24) අළුයම අත්අඩංගුවටගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here