රීයු යමමෝතෝ අගමැති හමුවෙයි

0
720

ජපාන “ගුන්මා” දිස්ත්‍රික්කයේ, “මයෙබෂී” නගරයේ නගරාධිපති රීයු යමමෝතෝ  මහතා සහ එම මහත්මිය වන මියැ යමමෝතෝ  අද (02) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

පසුගිය දා ඇති වූ ගංවතුර ආපදාවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් මෙම හමුවේ දී මූල්‍යාධාර පිරිනැමූ රීයු යමමොතෝ මහතා සහ එම මහත්මිය, මීට ඉහතදී ද ශ්‍රී ලංකා රජය වෙත ගිනි නිවීමේ රථ දෙකක් ලබාදීමට පියවර ගෙන තිබිණ.

ඉදිරියේදී ද ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් ආධාර උපකාර කිරීමට කටයුතු කරන බව යමමොතෝ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here