රුපියල් කෝටි 2,227ක් මහ බැංකුව ඊයේ අච්චු ගහලා

0
267

ඊයේ (14) දිනට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 1,543.97 ලෙසින් සටහන්ව ඇත.

කෙසේ වෙතත් මෙම ප්‍රමාණය පසුගිය සිකුරාදා (මාර්තු 11) සටහන්ව තිබුණේ රු. බිලියවන 1,521.69 ක් ලෙසිනි.

මේ අනුව ඊයේ (14) දිනය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 22.27 කින් වැඩි වී ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකිය.

රු. බිලියන 22.27 ක් යනු රු. කෝටි 2,227 ක ප්‍රමාණයකි.

මෙයින් ගම්‍ය වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 22.27 ක හෙවත් රු. කෝටි 2,227 ක නව මුදල් ප්‍රමාණයක් රටට මුදාහැර ඇති බවයි.

මහ බැංකුව විසින් නව මුදල් නිකුත් කිරීම සඳහා “මුදල් අච්චු ගැසීම” යන සාමාන්‍ය ව්‍යවහාරය ද භාවිත වේ. ආර්ථික විද්‍යානුකූලව මෙය හඳුන්වන්නේ මුදල් සංචිත ලෙසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here