Wednesday, January 15, 2025

රුපියල් 5000 ක් දීලා 16 ක් එවලා අනුරගේ රථය කියලා හිතාගෙන බිත්තර ගහලා තියෙන්නේ වෙන වාහනයකට

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ වාහනයට ඊයේ (30) පැවති ගම්පහ දිස්ත්‍රික් සමුළුවේදී බිත්තර ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව ඊයේ පස්වරුවේ කලගෙඩිහේන පෞද්ගලික උත්සව ශාලාවකදී පැවැත්විණි.

ජාතික ජන බලවේගය විසින් ගම්පහදී අද පැවැත් වූ දිස්ත්‍රික් සමුළුවට සහභාගිවීමට පමිණෙමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වන්නෙ.

පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා උත්සව භූමියට යමින් සිටියදී ශාලාවේ ප්‍රධාන දොරටුව අසලදී ඔහුගේ වාහනයට බිත්තර වැදී ඇත.

ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පාක්ෂිකයින් සමත්ව තිබෙනවා. පසුව ඔවුන් නිට්ටඹුව පොලිසියට භාරදී ඇත.

ඔවුන් සමඟ 16 දෙනෙකු පමණ පැමිණි බවයි සැකකරුවන් ප්‍රකාශ කර ඇත්තේ. කල්ලියේ සෙසු පිරිස එම ස්ථානයෙන් පලා ගොස් ඇත.

සිද්ධිය ඇතිවීමත් සමග පිරිසක් පළාගොස් ඇති අතර අත්අඩංගුවට ගත් එක පුද්ගලයකු පවසා ඇත්තේ රැළියට බිත්තර ප්‍රහාරයක් එල්ලකිරීම සඳහා තමන්ට රුපියල් 5000 ක මුදලක් ලබාදුන් බවයි.

සැකකරුවන් දෙදෙනා සඳහන් කර ඇති පරිදි ඔවුන් සමග තවත් පිරිසක් මෙම ප්‍රහාරය සඳහා පැමිණ තිබූ අතර ප්‍රහාරය සඳහා දැනුවත් කල බව කියන ප්‍රබල ඇමැතිවරයකුගේ සහ ප්‍රකට ව්‍යාපාරිකයකුගේ නම් හෙළිකර ඇත.

මේ අතර අනුර දිසානායක මහතා සදහන් කරන්නේ බිත්තර ප‍්‍රහාරය එල්ල වූයේ තමන් පැමිණි වාහනයට නොව වෙනත් වාහනයනට බවයි. තමන් භාවිත කරන්නේ කැබ් රථයක් බවද ඔහු පැවසීය.

අනුර කුමාර දිසානායක මහතාගේ මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක් එල්ලවීමේ සිදුවීම දැඩිව හෙළා දකින අතර එය පහත් ක්‍රිියාවක් බවට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මහින්ද ජයසිංහ මහතා අවධාරණය කරනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් නිට්ටඹූව පොලීසිය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිව්ස් රේඩියෝ කළ විමසීමකදී මහින්ද ජයසිංහ මහතා කියා සිටියේ මෙම සිදුවීම පිටුපස ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු සිටින බවට සැකකරුවන් හරහා අනාවරණ වී ඇති බවයි.

මෙවැනි ක්‍රියා හේතුවෙන් පක්ෂයේ ඉදිරි ගමන කඩාකප්පල් කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවද මහින්ද ජයසිංහ මහතා අවධාරණය කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles