රුවන්වැලි සෑයේ පිපිරීම අසත්‍යයක්..

0
873

රුවන් වැලි සෑයේ පිපිරීමක් සිදුව ඇතැයි පසුගියදා වාර්තා වුවත් ඒ පිලිබඳව පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්‍ය සෙනරත් දිසානායක මහතා පවසා සිටියේ ඓතිහාසික රුවන්වැලි සෑයට කිසිම පිපිරීමක් සිදුව නොමැති බවයි.

ඒ පිලිබඳව වැඩිදුරටත් ඒ මහතා මෙසේ පවසා සිටියා.

‘මේ පිළිබඳව අප රුවන්වැලි චෛත්‍යරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් හා රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාවේ උපදේශකවරුන් සමග පරීක්‌ෂා කර බැලුවා. එහෙත් එහි පිපිරීමක්‌ සිදුවී නැහැ.

සිදුවී තිබෙන්නේ අධික අව්රශ්මිය නිසා කුඩා ඉරිතැලීම් කීපයක්‌ පමණයි. කෙසේ වෙතත් රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථා උපදෙස්‌ අනුව මෙම ඉරිතැලීම්වල වර්ධනයක්‌ සිදුවන්නේ දැයි පරීක්‌ෂාවෙන් සිටිනවා. දැනට ඇතිවී තිබෙන තත්ත්වයට අවශ්‍ය පිළියම් යොදා තිබෙනවා’. යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here