Wednesday, December 25, 2024

රුසියානු – යුක්‍රේන අර්බුදය විසඳීමට ඊශ්‍රායලය මැදිහත් වෙයි

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු පසුගිය සිකුරාදා දක්වා ගත වූ කාලය තුළ රුසියානු සෙබළුන් 500 – 600 අතර ප්‍රමාණයක් යුක්‍රේන හමුදා වෙත බාර වී ඇති බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා. ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මේ අතර මේ දක්වා සටන් හේතුවෙන් මියගිය සමස්ත යුක්‍රේන සෙබළුන්ගේ සංඛ්‍යාව 1300 පමණ වන බවද සෙලෙන්ස්කි පවසයි. රුසියානු සෙබළුන් 12,000 කට වැඩි ප්‍රමාණයක් මරාදමා ඇති බව මීට පෙර යුක්‍රේන වාර්තා තහවුරු කර තිබිණි.

රුසියාවට එරෙහිව සම්බාධක පැනවීම තවදුරටත් වර්ධනය වෙමින් තිබෙන අතර ලොවපුරා ව්‍යාප්ත බහුජාතික සමාගම් විශාල ප්‍රමාණයක් රුසියාව තුළ සිය ව්‍යාපාරික මෙහෙයුම් අත්හිටුවා තිබෙනවා. මේ අතරට අලුතින්ම එකතු වී තිබෙන්නේ ඊ-බේ සමාගමයි. එම සමාගම රුසියාව තුළ සියලු මෙහෙයුම් අත්හිටුවා ඇති අතර රුසියානු ලිපින වෙත පාර්සල් බෙදා හැරීම නතර කර තිබෙනවා.

මීට සාපේක්ෂව යුක්‍රේන ජාතිකයන් වෙත කිසිදු ගාස්තුවකින් තොරව පාර්සල් ප්‍රවාහනය කිරීමටද ඊ-බේ පාලනාධිකාරිය තීරණය කර තිබේ

මෙි අතර පසුගියදා යුක්‍රේන නායකයා ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් සමග දුරකතනයෙන් සාකච්ඡා පවත්වා ඇති අතර රුසියා-යුක්‍රේන ගැටුම් නවතාලීමට අදාල සාම සාකච්ඡා කෙරෙහි දෙපාර්ශ්වයේ අවධානය යොමුව තිබෙනවා.

රුසියන් – යුක්‍රේන අර්බුදය විසඳීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් ද ඉදිරිපත් වී සිටී. පසුගිය සතියේ ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පෙර දැනුම් දීමකින් තොරව මොස්කව් අගනුවරට ගොස් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡාවක් ද පැවැත්වීය.

අර්බුදය සාමකාමී ආකාරයට විසඳා ගැනීම සම්බන්ධයෙන් තමන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් සමඟ දුරකතනයෙන් සාකච්ඡා කළ බවයි යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කී පවසා සිට්යේ.

රුසියන් හමුදා යුක්රේනයේ මෙලිටොපෝල් නමැති නගරයේ නගධාරිපතිවරයා පැහැරගෙන ගොස් ඇති අතර, ඔහු නිදහස් කර ගැනීමට රුසියාව සමඟ සාකච්ඡා කරන්නැයි සෙලන්ස්කී ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.‍

රුසියන් හමුදා මෙලිටොපෝල් නගරාධිපති අල්ලා ගෙන ඔහුගේ මුහුණ ආවරණය කර රැගෙන යන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් ද බටහිර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.

(රොයිටර්)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles