Friday, September 20, 2024

රුසියානුවන් සහ යුක්රේන ජාතිකයන්
එකම හෝටල්වල…!
අවදානයෙන් ඉන්නයි පොලිසියට උපදෙස්.

මෙරට සංචාරය සදහා පැමිණ සිටින රුසියානු ජාතිකයන් සහ යුක්රේන ජාතිකයන් එකම හෝටල්වලත් එකම ප‍්‍රදේශවලත් ළැගුම් ගෙන සිටින නිසා, ඔවුන් අතර ගැටුම් ඇති වීමේ අවදානමක්ද නිර්මාණය වී ඇති බැවින්, ඒ පිළිබදව සැලකිල්ලෙන් පසුවන ලෙස පොලිසියටත් හෝටල් කළමණාකාරීත්වයටත් උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වේ.

මේ වන විට රටතුළ යුක්රේන සංචාරකයන් හාර දහසක් සහ රුසියානු සංචාරකයන් දස දහසක් පමණ රැදී සිටිති.

ආක‍්‍රමණික රුසියානු හමුදා යුක්රේන සිවිල් වැසියල් ඝාතනය කිරීමේ සිදුවීම් වාර්තා වීමත් සමග, දෙපාර්ශ්වය අතර ගැටුම් ඇති වීමේ තත්ත්වයක් උදාවිය හැකි බවට විවිධ පාර්ශ්ව විසින් අනතුරු අඟවා තිබේ.

මෙරට සංචාරය කරන යුක්රේන ජාතිකයන් රුසියානු තානාපතිකාර්යාලය ඉදිරියේත් – තවත් ස්ථාන කිහිපයකත් පසුගිය දින කිහිපයේ රුසියානු ආක‍්‍රමණයට එරෙහිව උද්ඝෝෂණ පවත්වා තිබුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles