Friday, September 20, 2024

රුසියානු තුවක්කුකරුවන් පිරිසකගෙන් ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක් !

ජාත්‍යන්තර පුවත් සේවයක් වන ස්කයි ප්‍රවෘත්ති සේවයට අනුයුක්තව සේවය කරන මාධ්‍යවේදීන් කණ්ඩායමකට යුක්රේනයේ කිව් අගනුවරදී වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල වී තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ මේවන විට කිව් අගනුවරට ඇතුළුවී සිටින රුසියානු තුවක්කුකරුවන් පිරිසක් විසින් මෙම වෙඩි ප්‍රහාර මාලාව එල්ල කර ඇති බවයි.
යුක්‍රේනයේ කිව් අගනුවර පවතින යුදමය වාතාවරණය වාර්තා කිරීම සදහා අදාළ මාධ්‍යවේදීන් කණ්ඩායම කිව් අගනුවරට ඇතුලු වී තිබුණා. එහිදී ඔවුන් ගමන් කරමින් සිටි රථයට රුසියානු තුවක්කුකරුවන් විසින් වෙඩිප්‍රහාර එල්ල කර තිබෙනවා.

ප්‍රහාරයෙන් බියට පත්වූ මාධ්‍යවේදීන් පිරිස ඔවුන් ගමන් කරමින් සිටි රථයෙන් බැස විවිධ ස්ථානවල සැගවෙමින් පළාගොස් දිවි බේරාගෙන ඇතිබවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඔවුන්ව තුවක්කුකරුවන්ගෙන් මුදාගෙන තිබුණෙ යුක්රේන පොලිස් නිලධාරීන් පිරිසක් විසින්.කෙසේවෙතත් තුවක්කුකරුවන්ගේ වෙඩිප්‍රහාර එල්ල වීමෙන් අදාළ මාධ්‍යවේදීන් කණ්ඩායමේ සිටි මාධ්‍යවේදීන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා සිටිනවා.

අදාළ මාධ්‍යවේදීන් කණ්ඩායමට මෙම වෙඩිප්‍රහාර මාලාව එල්ල කර ඇත්තේ යුක්‍රේනයේ ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි ඝාතනය සදහා රුසියාව විසින් කිව් අගනුවරට එවා ඇති තුවක්කුකරුවන් විසින් බවයි පැවසෙන්නේ.
එමෙන්ම එම ප්‍රහාරය වාර්තා වන්නේ යුක්‍රේනයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ජාත්‍යන්තර මාධ්‍ය ආයතන කීපයක්ම රුසියාව තුළ සිදුකරන සිය විකාශන කටයුතු අත්හිටුවීමට පියවර ගෙන ඇති පසුබිමක් තුළයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles