රුසියානු න්‍යෂ්ටික සබ්මැරීන යුද අභ්‍යාසයක් සඳහා පිටත්ව යයි

0
301

රුසියානු න්‍යෂ්ටික සබ්මැරීන යුධ අභ්‍යාසයක් සඳහා පිටත් වී ඇති බව වාර්තා වනවා.

මෙම යුද අභ්‍යාස සඳහා රුසියාව සතු විශාලතම න්‍යෂ්ටික සබ්මැරීන එක් වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සබ්මැරින් යාත්‍රා රුසියානු ආක්ටික් සාගර කලාපය කරා පිටත් ව ගොස් තිබෙනවා.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, බැරන්ට් මුහුදු කලාපය හරහා ඔවුන් මෙම නාවික හමුදා අභ්‍යාසයට එක්වන බවයි.

මීට පෙර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ඔහුගේ න්‍යෂ්ටික විශේෂ බලකාය සීරුවෙන් තැබීමට කටයුතු කළා.

මේත් සමගම සයිබීරියාවේ හිමෙන් වැසීගිය වනාන්තර කලාප තුළ රුසියානු අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල රැගත් හමුදා ඛණ්ඩ ස්ථානගත කරමින් සිටින බව රුසියානු ආරක්ෂක අංශ සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here