රුසියානු ප්‍රහාරවලින් යුක්‍රේනයේ 137ක් මරුට, 136 කට තුවාල

0
299

හමුදා භටයින් 316කට තුවාල
රුසියානු හමුදාව විසින් එල්ලකළ ප්‍රහාරවලින් යුක්‍රේන පුද්ගයින් 137 දෙනෙකු මියගොස් ඇති බව එරට ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබේ.

මියගොස් ඇති පිරිස අතර හමුදා භටයන් මෙන්ම සිවිල් වැසියන් ද සිටින බව වාර්තා වෙයි.

මේ අතර එරට ජනපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාරවලින් හමුදා මේ වනවිට යුක්‍රේන හමුදා භටයින් 316ක් තුවාල ලබා ඇති බවය.

ආක‍්‍රමණිකයාට එරෙහිව සටන් වැදීම සදහා සෑම යුක්රේන පුරවැසියෙකුම ආයුධ සන්නද්ධ කරන බවට යුක්රේන ජනාධිපතිවරයා පවසා තිබේ.

මේ වන විට රුසියානු හමුදා, යුක්රේනයේ අගනුවර වන කි‍්‍රයෙව් බලා පැමිණෙමින් තිබෙන බව වාර්තා වේ.

යුක්රේන වැසියන් ලක්ෂයකට ආසන්න පිරිසක් මේ වන විටත් ඔවුන්ගේ ගම්බිම් අතහැර පලා යමින් සිටින බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here