රුසියානු හමුදා පලවා හැර යුක්‍රේනයේ කාකීව් නගරය නැවතත් යුක්‍රේන හමුදා යටතට

0
346

යුක්රේනයේ දෙවෙනි විශාලතම නගරය වන කාකිව් වලින් රුසියානු හමුදා පන්නා දමා නැවතත් එහි බලය යුක්රේනය නතු කර ගැනීමට සමත්ව ඇත.

ඒ අනුව යුක්රේනයේ ඊසානදිග නගරයක් වන කාකීව් (Kharkiv) නගරයේ පූර්ණ පාලනය යුක්රේනය සතු කරගත් බව ප්‍රාදේශීය ආණ්ඩුකාරවරයා සිය සමාජ මාධ්‍ය ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් කියා සිටී.

මෙහිදී සිදු වූ ගැටුම්වලින් රුසියානුවන් 4,300ක් මිය ගිය බවටයි යුක්රේනය ප්‍රකාශ කරන්නේ.

කෙසේවෙතත් එම තොරතුරු මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නැහැ.

රුසියානු හමුදා අත්පත් කරගත් එම නගරය යුක්‍රේන හමුදා ප්‍රතිප්‍රහාර යටතේ රුසියානු හමුදා නගරයෙන් ඉවත්ව ගොස් ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රුසියානු හමුදා කාර්කිව් නගරයට ඇතුළු වීමත් සමඟ යුක්රේනය එහි පාලනය සියතට ගෙන ඇති බව ප්‍රකාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here