රුසියානු වාණිජ ගුවන් යානයක් කැනේඩියානු ගුවන් සීමාවට ඇතුළු වෙයි

0
319

රුසියාවේ එරොෆ්ලොට් ගුවන් සමාගමට අයත් පනවා ඇති තහනම නොතකා රුසියානු වානිජ ගුවන් යානයක් කැනඩාවේ ගුවන් සීමාවට ඇතුලුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම සමඟ පසුගියදා රුසියානු ගුවන් යානාවලට සිය ගුවන් තලයට ඇතුලුවීම කැනඩාව විසින් තහනම් කරනු ලැබුවා.

ඒ අනුව රුසියානු Aeroflot ගුවන් යානය කැනේඩියානු ගුවන් සීමාව උල්ලංඝණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කැනඩාවේ ප්‍රවාහන අමාත්‍යාංශය පැවසුවේ ‘Aeroflot Flight 111’ නැමති ගුවන් යානය මෙලෙස ගුවන් සීමා උල්ලංඝණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවයි.

කිසිදු රුසියානු ගුවන් යානයක් තම භූමියට ඇතුළු වීම වළක්වමින් කැනඩාව විසින් පනවා ඇති තහනම නොතකා රුසියානු වාණිජ ගුවන් යානයක් කැනේඩියානු ගුවන් සීමාවට පියාසර කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here