Saturday, September 21, 2024

රුසියාවට එරෙහිව ගෙනා යෝජනාවට ලංකාව ඡන්දය දීමෙන් වළකියි

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනා සඳහා ශ්‍රී ලංකාව ඡන්දය ප්‍රකාශය කිරීමෙන් වැළකී සිට තිබේ.

මෙලෙස රුසියාව සිය ආක්‍රමණය වහාම නතර කළ යුතු බවත් රුසියානු හමුදා යුක්‍රේනයෙන් ඉවත විය යුතු බවත් සඳහන් කරමින් එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනා සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 35ක් ඡන්දය ප්‍රකාශය කිරීමෙන් වැළකී සිට තිබෙනවා.

ඒ අනුව එලෙස ඡන්දය ලබාදීමෙන් වැළකී සිටි රටවල් අතරට, ශ්‍රී ලංකාව ඉන්දීයාව, පාකිස්ථානය, චීනය, දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ ඇතුළු රටවල් 35ක් ඇතුළත්.

අදාළ යෝජනාවට පක්ෂව රටවල් 141ක් ඡන්දය ප්‍රකාශ කළ අතර විරුද්ධව ප්‍රකාශ කළේ රටවල් 5ක් පමණයි.

එලෙස විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ, රුසියාව, බෙලරුසය, එරිත්‍රියාව, උතුරු කොරියාව සහ සිරියාව යන රටවල් බව සඳහන්.

ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි රටවල් බහුතරය ආසියානු රටවල් වීම විශේෂත්වයකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles