Monday, January 20, 2025

රුසියාවට තේ අපනයනය කිරීමෙි ගැටලුවක් මෙි දක්වා පැන නැගී නෑ

ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසන්නේ රුසියාවට තේ අපනයනය කිරීමෙි ගැටළුවක් මේ දක්වා පැන නැගී නැති බවය.

එහි සභාපති ජයම්පත්ති මොල්ලිගොඩ පැවසුවේ කෙසේ වෙතත් අපනයනය කල තේ සදහා මුදල් ලබා ගැනීමේ යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවය. 

මෙරට තේ අපනයනය කරන රටවල් අතරඉරාකය සහ තුර්කියට පසුව රුසියාවට වැඩිම තේ ප්‍රමානයක් අපනයනය කරයි. 2021 වසරේදී එය රුපියල් මිලියන 24,822 වටිනාකමකින් යුත් තේ කිලෝ මිලියන 29කි. 

මෙරට තේ අපනයන අතින් 18 වන ස්ථානයේ පසුවන යුක්රේනයටද පසුගිය වසරේදී තේ කිලෝමිලියන 04ක් අපනයනය කර ඇත. එහි වටිනාකම රුපියල් මිලියන 4,279කි.

රටවල් රැසක් සම්භාධක පනවමි ඇති පසුබිමක රුසියාව සමග ජාත්‍යන්තර බැංකු හරහා ගනුදෙනු කිරිම අපහසු වී ඇති බවද පැවසේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles