Wednesday, September 25, 2024

රුසියාවෙි යුක්‍රේන ආක්‍රමණය ගැන ඇමරිකාවෙන් චීනයට අනතුරු ඇඟවීමක් !

රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය ගැන යුක්‍රේන අර්බුදය පදනම් කර ගනිමින් මේ වනවිට ඇමරිකාව හා චීනය අතර මතභේදාත්මක තත්ත්වයක් වර්ධනය වෙමින් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ඇමරිකාව පවසා ඇත්තේ යුක්‍රේනය ආක්‍රමණය කිරීම සදහා චීනය කිසිසේත් රුසියාවට සහය නොදිය යුතු බවයි.

යුක්‍රේන ආක්‍රමණය ආරම්භ කිරීමෙන් අනතුරුව රුසියාව චීනයෙන් අවිආයුද සහ යුධ ආධාර සපයන ලෙස ඉල්ලීම් කර ඇති බවට ඇතැම් ඇමරිකානු මාධ්‍ය අනාවරණ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව යුක්‍රේනය ආක්‍රමණය කිරීම සදහා චීනය කිසි ලෙසකින් හෝ රුසියාවට සහාය ලබා දුන්හොත් ඒ සම්බන්ධයෙන් ප්‍රතිවිපාකවලට මුහුණ දීමට චීනයට සිදුවෙනු ඇතැයි ඇමරිකාව අනතුරු අඟවා තිබෙනවා.

කෙසේවෙතත් විදෙස් මාධ්‍ය පැවසුවේ ඇමරිකාව එල්ල කරන චෝදනා චීනය තරයේ ප්‍රතික්ෂේප කර ඇති බවයි. යුක්‍රේන ආක්‍රමණය සම්බන්ධයෙන් චීනය කිසිදු අවස්ථාවකදී රුසියාවට චෝදනා එල්ල නොකල බව ජාත්‍යන්තර විචාරකයන් පවසනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles