රුසියාවේ‘ස්පුට්නික්’ එන්නත මෙරටට

0
431
Healthcare cure concept with a hand in blue medical gloves holding Coronavirus, Covid 19 virus, vaccine vial

කොරෝනා වයිරසය මර්දනය සඳහා රුසියාවේ නිෂ්පාදනය කර ඇති ‘ස්පුට්නික්’ එන්නත මෙරටට හැකි ඉක්මනින් ඇණවුම් කිරීම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවදානය යොමුව ඇත.

මේ අනුව පසුගිය 25 වැනිදා එම එන්නත නිෂ්පාදනය කළ රුසියාවේ ඖෂධ සමාගමේ සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තාක්ෂණික කමිටුවේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, ප්‍රධාන විධායක නිලධාරි විශේෂඥ වෛද්‍ය කමල් ජයසිංහ සඳහන් කළේය. මෙහි දී ‘ස්පුට්නික්’ එන්නත නිෂ්පාදනය කිරීමට හා සායනික පරීක්ෂාවන්ට අදාළ මෙතෙක් නොලැබුණු සියලුම ලියකියවිලි ඉක්මනින් ගෙන්වා ගැනීම හා පරීක්ෂා කිරීම වේගවත් කිරීමටත් තාක්ෂණික කමිටුව තීරණය කළ බව විධායක නිලධාරී වෛද්‍ය ජයසිංහ පැවසුවේය. ලියකියවිලි පරීක්ෂා කර බලා එම එන්නත මෙරටට සුදුසු වන්නේ නම් පමණක් හැකි ඉක්මනින් ඇණවුම් කළ හැකි යැයිද ඔහු සඳහන් කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here